දින හයක් තුළ ඉන්දීය ගුවන් සමාගම්වලට බෝම්බ තර්ජන 70ක්

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන ගුවන් ගමන්වලට පසුගිය දින 06ක කාලය තුළ බෝම්බ තර්ජන 70ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වයත් සමඟ ඉන්දීය ගුවන් සේවා ආරක්ෂක බළකාය, සිවිල් ගුවන් සේවා ආරක්ෂක කාර්යාංශයේ නිලධාරීන් සහ ඉන්දීය ගුවන් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (19) නවදිල්ලියේ දී මෙම ව්ශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

රජිව් ගාන්ධි භවන් හි පිහිටි සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ කාර්යාලයේ පැවති මෙම රැස්වීමේ දී මගීන්ට අපහසුතාවයක් සහ ගුවන් සමාගම්වලට පාඩු සිදුකරන තර්ජනවලට මුහුණ දීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඊයේ දිනයේ දී පමණක් ඉන්දියාවේ විවිධ ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන්වලට බෝම්බ තර්ජන 30 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ විවිධ ගමනාත්ත දක්වා පියාසර කළ ගුවන් යානා කිහිපයකට හදිසි ගොඩබැස්සවීම් සිදුකිරීමටයි සිදුවුණේ.

ඊට ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (19) පස්වරුවේ විස්තාරා ගුවන් සේවයේ යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකළා.

මේ අතර ආරක්ෂක නිලධාරීන් පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනයේදී මෙලෙස ලැබුණු ඇතැම් තර්ජන නිකුත් කළ IP (අන්තර්ජාල ප්‍රොටෝකෝලය) ලිපින ලන්ඩන්, ජර්මනිය, කැනඩාව සහ එක්සත් ජනපදයෙන් බවට සොයාගත් බවයි.

කෙසේ වෙතත් තර්ජන කළ පුද්ගලයින්, ඔවුන්ගේ සැබෑ ස්ථාන සැඟවීමට VPN (අථත්‍ය පුද්ගලික ජාල) භාවිත කර ඇති බවට ද සැකයක් පවතින බවයි ඉන්දීය ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34