AFC Banner
Empty Ad
Empty Ad

දින හයක් තුළ ඉන්දීය ගුවන් සමාගම්වලට බෝම්බ තර්ජන 70ක්

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන ගුවන් ගමන්වලට පසුගිය දින 06ක කාලය තුළ බෝම්බ තර්ජන 70ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වයත් සමඟ ඉන්දීය ගුවන් සේවා ආරක්ෂක බළකාය, සිවිල් ගුවන් සේවා ආරක්ෂක කාර්යාංශයේ නිලධාරීන් සහ ඉන්දීය ගුවන් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (19) නවදිල්ලියේ දී මෙම ව්ශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

රජිව් ගාන්ධි භවන් හි පිහිටි සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ කාර්යාලයේ පැවති මෙම රැස්වීමේ දී මගීන්ට අපහසුතාවයක් සහ ගුවන් සමාගම්වලට පාඩු සිදුකරන තර්ජනවලට මුහුණ දීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඊයේ දිනයේ දී පමණක් ඉන්දියාවේ විවිධ ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන්වලට බෝම්බ තර්ජන 30 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ විවිධ ගමනාත්ත දක්වා පියාසර කළ ගුවන් යානා කිහිපයකට හදිසි ගොඩබැස්සවීම් සිදුකිරීමටයි සිදුවුණේ.

ඊට ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (19) පස්වරුවේ විස්තාරා ගුවන් සේවයේ යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකළා.

මේ අතර ආරක්ෂක නිලධාරීන් පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනයේදී මෙලෙස ලැබුණු ඇතැම් තර්ජන නිකුත් කළ IP (අන්තර්ජාල ප්‍රොටෝකෝලය) ලිපින ලන්ඩන්, ජර්මනිය, කැනඩාව සහ එක්සත් ජනපදයෙන් බවට සොයාගත් බවයි.

කෙසේ වෙතත් තර්ජන කළ පුද්ගලයින්, ඔවුන්ගේ සැබෑ ස්ථාන සැඟවීමට VPN (අථත්‍ය පුද්ගලික ජාල) භාවිත කර ඇති බවට ද සැකයක් පවතින් බවයි ඉන්දීය ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබ කොහොමද හරියටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ
06:38
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00

?