AFC Banner
Empty Ad
Empty Ad

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස්‌ කළයුතු බව බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්‌ පවසනවා.

පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින්‌ ඉදිරියට යායුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලය පත්‌ කරමින්‌ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවති රැස්වීමකට එක්විමින් ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස්‌ කිරීමේ දී ඒ සම්බන්ධයෙන්‌ පෞද්ගලික හිතවත්කම්‌ අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන්‌ මැදිහත් වී සාධාරණව චිත්‍රපට නිදහස්‌ කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්‌ මෙහිදි අමාතාවරයා පෙන්වා දුන්නා.

2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්‌ යන සියලු වර්ග නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ පත්කිරීමට කටයුතු කළ බවත්‌, දෙමළ සිනමාව කාර්මාන්තයක්‌ ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකි වී නොමැති බවත්, දෙමළ සිනමාව ඉදිරියේ දී මෙරට තුළ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය සම්බන්ධයෙන්‌ අදහස්‌ දක්වමින්‌ අමාත්‍යවරයා පැවසුවේ ඉකුත්‌ කාලය තුළ පදනම්‌ ආයනනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින්‌ වත්මන්‌ නිලධාරීන්‌ පදනම්‌ ආයතනය පාලනය කළ යුතු බවත්‌, සෘජු තීන්දු තීරණ ගතයුතු බවයි.

එහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස්‌ ජනරාල්‌ ඩබ්‌. ප්‍රින්ස්‌ සේනාධිර පත් වූ අතර, සෙසු සාමාජිකයන්‌ ලෙස ආචාර්ය සුනිල්‌ විජේසිරිවර්ධන, එම්‌.ඩී.මහින්දපාල, ඩබ්‌.ජී. ටිතිර වික්මල්‌, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්‌.එස්‌.කේ.ජේ. බණ්ඩාර, බී.එන්‌.දම්මින්ද කුමාර, වයි.අයි.ඩී.ගුණවර්ධන යන අය පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය වෙනුවෙන්‌ සභාපතිවරයා ලෙස එස්‌.එම්‌. සමන්‌ සමරකෝන්‌ තේරී පත්වූ අතර, මහාචාර්ය කේ.එස්‌. වන්නිආරච්චි, ආචාර්ය ඒ.එම්‌.එස්‌. අතපත්තු, ඉංජිනේරු ඩී.එස්‌.කේ.එස්‌. ජයලත්‌, එම්‌.කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්‌. ඩී. නිසරංගනි පෙරේරා, ජී.එච්‌.වයි. මංජුල සිරිසෙංම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්‌, ආචාර්ය එම්‌.කේ. ද පැස්කුවෙල්‌, අයි.ජී. සුලක්ඛනා කුමාරි යන අය සාමාජිකත්වයට පත්කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04

?