චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස්‌ කළයුතු බව බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්‌ පවසනවා.

පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින්‌ ඉදිරියට යායුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලය පත්‌ කරමින්‌ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවති රැස්වීමකට එක්විමින් ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස්‌ කිරීමේ දී ඒ සම්බන්ධයෙන්‌ පෞද්ගලික හිතවත්කම්‌ අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන්‌ මැදිහත් වී සාධාරණව චිත්‍රපට නිදහස්‌ කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්‌ මෙහිදි අමාතාවරයා පෙන්වා දුන්නා.

2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්‌ යන සියලු වර්ග නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ පත්කිරීමට කටයුතු කළ බවත්‌, දෙමළ සිනමාව කාර්මාන්තයක්‌ ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකි වී නොමැති බවත්, දෙමළ සිනමාව ඉදිරියේ දී මෙරට තුළ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය සම්බන්ධයෙන්‌ අදහස්‌ දක්වමින්‌ අමාත්‍යවරයා පැවසුවේ ඉකුත්‌ කාලය තුළ පදනම්‌ ආයනනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින්‌ වත්මන්‌ නිලධාරීන්‌ පදනම්‌ ආයතනය පාලනය කළ යුතු බවත්‌, සෘජු තීන්දු තීරණ ගතයුතු බවයි.

එහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස්‌ ජනරාල්‌ ඩබ්‌. ප්‍රින්ස්‌ සේනාධිර පත් වූ අතර, සෙසු සාමාජිකයන්‌ ලෙස ආචාර්ය සුනිල්‌ විජේසිරිවර්ධන, එම්‌.ඩී.මහින්දපාල, ඩබ්‌.ජී. ටිතිර වික්මල්‌, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්‌.එස්‌.කේ.ජේ. බණ්ඩාර, බී.එන්‌.දම්මින්ද කුමාර, වයි.අයි.ඩී.ගුණවර්ධන යන අය පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය වෙනුවෙන්‌ සභාපතිවරයා ලෙස එස්‌.එම්‌. සමන්‌ සමරකෝන්‌ තේරී පත්වූ අතර, මහාචාර්ය කේ.එස්‌. වන්නිආරච්චි, ආචාර්ය ඒ.එම්‌.එස්‌. අතපත්තු, ඉංජිනේරු ඩී.එස්‌.කේ.එස්‌. ජයලත්‌, එම්‌.කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්‌. ඩී. නිසරංගනි පෙරේරා, ජී.එච්‌.වයි. මංජුල සිරිසෙංම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්‌, ආචාර්ය එම්‌.කේ. ද පැස්කුවෙල්‌, අයි.ජී. සුලක්ඛනා කුමාරි යන අය සාමාජිකත්වයට පත්කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15