AFC Banner
Empty Ad
Empty Ad

කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම කඳවුරේ ස්ථාපිත උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකය විසින් සිදු කරන ලද මෙහෙයුමක දී තලෛමන්නාරම පඩප්පඩී ප්‍රදේශයේදියි.

එහි දී ජාවාරම් කිරීම සඳහා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝග්රෑම් 08යි, ග්‍රෑම් 88 ක් සන්තකයේ තබාගෙන සිටි උතුරු ත‍ලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?