AFC Banner
Empty Ad
Empty Ad

මාවරල පොලිස් බල ප්‍රදේශයේ අමානුෂික පහරදීමක්

මාවරල පොලිස් බල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට සිදු කරන ලද අමානුෂික පහරදීමකින් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පහරදීම ඊයේ (16) පස්වරුවේ සිදු ව ඇති අතර පහරකෑමට ලක් වූ පුද්ගලයා සිය මිතුරෙකු සමග යතුරුපැදියෙන් මාකඳුර ප්‍රධාන නගරයට ගමන් කරමින් සිටියදියි මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත්තේ.

එච්. පී. සිසිර හීනිපැල්ල නමැති අයෙකු මෙලෙස පහරකෑමට ලක් ව ඇති බවත්; ඔහුට එල්ල වූ ප්‍රහාරවලින් එම පුද්ගලයාගේ එක් අතක් දෙකට කැඩී ඇති බවත් ඔහු කඹුරුපිටිය රෝහලේ සිව්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වනවා.

එමෙන්ම නාඳුනන පුද්ගලයින් යතුරුපැදි කිහිපයකින් පැමිණ ඇති අතර ඔවුන් විසින් පහරකෑමට ලක් වූ තැනැත්තාගේ යතුරුපැදිය කුඩු කර දමා ඇති බවත් පැවසෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන නොමැති බවටයි පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දසත අප මාවරල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ; සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර; පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ද අද (17) දිනයේ දී ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි.

එමෙන්ම ඔහු සමග යතුරුපැදියේ ගමන් කළා යැයි පැවසෙන මිතුරා බස් කොන්දොස්තරවරයෙකු බවත් ඔහු මේ වනවිට දුර බැහැර චාරිකාවක් මගීන් රැගෙන ගොස් ඇති බැවින් හෙට (18) දිනයේ දී පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට ද දන්වා ඇති බව ද මාවරල පොලිසිය පැවසුවා.

පහරකෑමට ලක් වූ ස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ ද; ඒවායෙහි අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දර්ශනය නොවන බවත් තවදුරටත් ලැබෙන ප්‍රකාශ මත විමර්ශන සිදු කරගෙන යන බව ද මාවරල පොලිසිය සඳහන් කළා.

පහරදීම පිටුපස ස්ත්‍රී පළහිලව්වක් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?