මාවරල පොලිස් බල ප්‍රදේශයේ අමානුෂික පහරදීමක්

මාවරල පොලිස් බල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට සිදු කරන ලද අමානුෂික පහරදීමකින් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පහරදීම ඊයේ (16) පස්වරුවේ සිදු ව ඇති අතර පහරකෑමට ලක් වූ පුද්ගලයා සිය මිතුරෙකු සමග යතුරුපැදියෙන් මාකඳුර ප්‍රධාන නගරයට ගමන් කරමින් සිටියදියි මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත්තේ.

එච්. පී. සිසිර හීනිපැල්ල නමැති අයෙකු මෙලෙස පහරකෑමට ලක් ව ඇති බවත්; ඔහුට එල්ල වූ ප්‍රහාරවලින් එම පුද්ගලයාගේ එක් අතක් දෙකට කැඩී ඇති බවත් ඔහු කඹුරුපිටිය රෝහලේ සිව්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වනවා.

එමෙන්ම නාඳුනන පුද්ගලයින් යතුරුපැදි කිහිපයකින් පැමිණ ඇති අතර ඔවුන් විසින් පහරකෑමට ලක් වූ තැනැත්තාගේ යතුරුපැදිය කුඩු කර දමා ඇති බවත් පැවසෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන නොමැති බවටයි පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දසත අප මාවරල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ; සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර; පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ද අද (17) දිනයේ දී ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි.

එමෙන්ම ඔහු සමග යතුරුපැදියේ ගමන් කළා යැයි පැවසෙන මිතුරා බස් කොන්දොස්තරවරයෙකු බවත් ඔහු මේ වනවිට දුර බැහැර චාරිකාවක් මගීන් රැගෙන ගොස් ඇති බැවින් හෙට (18) දිනයේ දී පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට ද දන්වා ඇති බව ද මාවරල පොලිසිය පැවසුවා.

පහරකෑමට ලක් වූ ස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ ද; ඒවායෙහි අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දර්ශනය නොවන බවත් තවදුරටත් ලැබෙන ප්‍රකාශ මත විමර්ශන සිදු කරගෙන යන බව ද මාවරල පොලිසිය සඳහන් කළා.

පහරදීම පිටුපස ස්ත්‍රී පළහිලව්වක් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32