AFC Banner
Empty Ad
Empty Ad

ලන්දේසීන්ගේ කාසි හා VOC තැටි අලෙවි කිරීමට දැරූ වෑයමක් වරදියි

ලන්දේසින්ට අයත් VOC තැටියක් සහ කාසි දෙකක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

VOC තැටියක් සහ කාසි දෙකක් රු ලක්ෂ 20කට මෙම සැකකරු විසින් අලෙවි කිරීමට උත්සාහ දරා ඇත්තේ.

හැටන් පොලිසිය මගින් අදාළ සැකකරුව ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් උපාය දූතයෙකුගේ මාර්ගයෙන් ලද තොරතුරකට අනුව බවයි.

තැටිය සහ කාසි දෙක සැකකරුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සැකකරු කිසිවක්
නොපවසන බවත්, එම තැටිය සහ කාසි දෙකෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙසට පුරාවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුවට දැනුම්දුන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්
කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?