හලාවත ප්‍රදේශයේ ළැඟුම්හලක රැඳී සිටි විදෙස් ජාතිකයින් 11 රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සැක කටයුතු ලෙස සංචාරක හෝටලය නවාතැන් ගෙන සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විදේශිකයින් 11 දෙනෙකුව මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා ඊයේ (16) පස්වරුවේ නියෝග කළා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මැලේසියානු ජාතිකයින් 04 දෙනෙකු, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවක්, කෙන්යා ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමි
පුද්ගලයෙකු බවයි.

හලාවත – ඉරණවිල පාරේ පිහිටි සංචාරක හෝටලයක සැක කටයුතු ලෙස විදේශිකයින් පිරිසක් රැඳී සිටින බවට වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව මෙම විමර්ශන සිදු කෙරුණා.

ඒ අනුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඉකුත් 15 වැනිදා රාත්‍රියේ විදේශිකයින් පිරිස අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් සහ සැකකාරියන් සතුව තිබී පරිගණක 20 ක්, රවුටර් 03 ක් සහ ජංගම දුරකතන 282ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගැනුණු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඒ ඒ රටවල්වල තානපති කාර්යාල නිලධාරීන්ගේ සහාය ලබාගත යුතු බව අධිකරණයට කරුණු වාර්තා කළ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් මහතා ඉල්ලා සිටියා.

ඒ සඳහා අවසර ලබා දුන් දිසා විනිසුරුවරයා පොලිස් භාරයේ ඇති පරිගණක, රවුටර් සහ ජංගම දුරකතන මොරටුව විශ්වවිද්‍යාලයට භාර දී වාර්තාවක් කැඳවීමට ද නියෝග කෙරුණා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී වරින්වර සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් මෙරටට ගෙන්වීමේ කටයුත්ත සිදු කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39