AFC Banner
Empty Ad
Empty Ad

සාරි අස්සේ පැටලී ආ රුපියල් මිලියන 25ක් වටිනා අයිස්

විෂ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ ගුවන් මගියෙකු ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (16) පස්වරුවේ මෙම ගුවන් මගියා මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ UL 315 දරන ගුවන් යානයෙන්.

මොහු උපතින් ඉන්දීය සම්භවයක් සහිත තැනැත්තෙකු බවත් ඔහුගේ සාරි තොගයක සඟවාගෙන මෙම විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් (අයිස්) රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25ක් ලෙස තක්සේරු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?