AFC Banner
Empty Ad
Empty Ad

මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් වටලා එක් අයෙක් අත්අඩංගුවට

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරුමැද මහඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට අද (16) පස්වරුවේ හැකියාව ලැබුණා.

ලද තොරතුරකට අනුව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද පස්වරුවේ එම වැටලීම සිදු කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් සොරා ගන්නා ලද ඉන්ධන ලීටර් 1225ක් මහ මීගස්සෑගම ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබියදී සොයා ගැනුණා.

එම ජාවාරම සිදුකළ බව කියන සැකකරුවකු ද මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලෙන්බිඳුනුවැව – මීගස්සෑගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණ ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවර සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා.

සැකකරු හෙට(17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41
Video thumbnail
රට කාපු එවුන් කුජීත වීගෙන යනවා #akd #npp #ranilwickremesinghe #rajapaksafamily
04:56
Video thumbnail
ඉන්න ජනාධිපති එක්ක රට ගොඩගන්න එන සජිත් - ඒක කරන්න පුළුවන් සජබයට විතරයි
04:42
Video thumbnail
පුතාණෝ යළි වැඩ අරඹයි - "දක්ෂ පක්ෂ හපන්කම් තියෙන්නේ අපේ කණ්ඩායමට" #sjb #sajithpremadasa
04:47
Video thumbnail
මම විශ්‍රාම යන්නේ නෑ #shorts #1millionviews #mahindarajapaksha
00:08
Video thumbnail
වාහාම ඉන්ධන මිල සූත්‍රය සන්ශෝදනය කරන්න - අනන්ද පාලිතගෙන් ජනපති අනුරට ලොකු සද්දයක් #akd #npp
08:21
Video thumbnail
ග්‍රෑන්ඩ් පාස් සලිත කරමින් පත්තුවුණ වෙඩිල්ල
00:56
Video thumbnail
බලශක්ති අමාත්‍යාංශය ජනපති ගිහින් කරපු රංගනයට ආනන්ද පාලිතගෙන් සැර පිළිතුරු
04:58

?