නවසීලන්තයට ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සිහිනයක් ම වන ලකුණු ?

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

අද (16) පෙරවරු 10ට දෙරට අතර තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ බෙංගලරු හි දියි.

නමුත් උදෑසන සිට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙතෙක් කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළමු තරගයේ පළමු දිනය අතහැර දැමීමට ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් හෙට (17) දිනයේ දී වර්ෂාව ඇදහැලීම සිදු නොවුණහොත් දින 04කට සීමා වන තරගයක් ලෙසින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මෙම තරගාවලිය 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙනවා.

නවසීලන්තයට පැවරී තිබූ ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගය ද පසුගියදා දින පහ පුරාවටම ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

එබැවින් මෙම තරගාවලිය ද අධික වර්ෂාව දිගින් දිගටම පැවතුණහොත් නවසීලන්තයට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ දැඩි අර්බුදයක් ද හටගැනීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටින්නේ මුහුණ දුන් ටෙස්ට් තරග 11න් 08ක ජය තහවුරු කරගනිමින්.

නවසීලන්තයට හිමිව ඇත්තේ මෙම සටහනේ 06 වැනි ස්ථානයයි.

ඔවුන් තරග 08ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 03ක් පමණක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරීපත් වීම සඳහා තරග 03කින් සමන්විත නවසීලන්ත ටෙස්ට් තරගාවලිය හැරුණුකොට ඇත්තේ ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය පමණ‍යි.

නමුත් නවසීලන්තයට ඇත්තේ ඉන්දීය සංචාරයට අමතරව එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වන අතර එම තරගාවලි අනිවාර්‍යයෙන් ම ජය ගැනීම ඔවුන්ට දැඩි අභියෝගයක් නිර්මාණය කරනු ඇති.

ඉන්දියාව සහ නවසීලන්තය ටෙස්ට් තරග 62කකදී මුණගැසී තිබෙනවා.

ඉන් වැඩි වාසි ඉන්දියාවට හිමිව තිබෙන්නේ එම ටෙස්ට් තරග 62න් 22කම ජය ඔවුන් සතු වී නිසාවෙන්.

තරග 13ක පමණක් ජය නවසීලන්තයට හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35