AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ අංක තහඩු යොදා පැද්ද ජීප් රියක් හේතුවෙන් හිටපු ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට

ව්‍යාජ අංක තහඩු සහිතව එකලස් කරන ලද ජීප් රථයක් ළඟ තබාගත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම තීන්දුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි ලබාදෙනු ලැබුවේ.

සැකකාර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා බෙලිඅත්ත – පුවක්දණ්ඩාව, වීරසිංහ පාරේ, අංක 69 දරණ නිවසෙහි සඟවා තිබූ ව්‍යාජ අංකයක් (64-0191) යොදන ලද අළු පැහැති ජීප් රථයක් තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් සිය භාරයට ගැනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ ජීප් රථය එය භාවිත කරන ලදැයි සැක කෙරෙන ප්‍රාදේශීය සභාපවේ හිටපු උප සභාපතිවරයා සමග අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදියි තංගල්ල අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එම නියෝගය ප්‍රකාරව සැකකාර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා එළඹෙන 29 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?