AFC Banner
Empty Ad
Empty Ad

අර්ජුන් ඇලෝසියස්ගේ ඇප අයදීම ප්‍රතික්ෂේපයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික්සරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වනවිට (16) අපරාධමය නඩුකරයක් බවට පත්ව ඇති නිසා ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සඳහන් කළේ, මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

මෙහි වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ, විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?