පළමු තරගයෙන් ම මංගල ටෙස්ට් ශතකයට හිමිකම් කියූ ගුලාම් – අද තරගයේ දෙවැනි දිනයයි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (16) යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි පාකිස්තාන කණ්ඩායම අද දිනයේ දී මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 275ක් ලබා සිටිනවා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ කම්‍රන් ගුලාම් පළමු තරගයේ දී ම මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ගුලාම් දැවී යන විට ලකුණු 118ක් ලබා සිටියේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද ලබා ගනිමින්.

ගුලාම් දැවී ගියේ බෂීර්ගේ පන්දුවක් හමුවේයි.

සයිම් අයුබ් ලකුණු 77කට මැතිව් පොට්ස්ගේ පන්දුවකට දැවී ගියා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 41යි.

කඩුලු දවා ගැනීමේ දී බ්‍රයිඩ්න් කාර්ස් හා ජැක් ලීච් එක් ව කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමේ ගෞරවය ශොයිබ් බෂීර්, පොට්ස් හට හිමිවනවා.

තරගය පැවැත්වෙන්නේ මුල්තාන් නුවරදීයි.

දෙරට අතර මෙම තරගය 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වෙන අතර පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26