පළමු තරගයෙන් ම මංගල ටෙස්ට් ශතකයට හිමිකම් කියූ ගුලාම් – අද තරගයේ දෙවැනි දිනයයි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (16) යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹි පාකිස්තාන කණ්ඩායම අද දිනයේ දී මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 275ක් ලබා සිටිනවා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ කම්‍රන් ගුලාම් පළමු තරගයේ දී ම මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ගුලාම් දැවී යන විට ලකුණු 118ක් ලබා සිටියේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද ලබා ගනිමින්.

ගුලාම් දැවී ගියේ බෂීර්ගේ පන්දුවක් හමුවේයි.

සයිම් අයුබ් ලකුණු 77කට මැතිව් පොට්ස්ගේ පන්දුවකට දැවී ගියා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 41යි.

කඩුලු දවා ගැනීමේ දී බ්‍රයිඩ්න් කාර්ස් හා ජැක් ලීච් එක් ව කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමේ ගෞරවය ශොයිබ් බෂීර්, පොට්ස් හට හිමිවනවා.

තරගය පැවැත්වෙන්නේ මුල්තාන් නුවරදීයි.

දෙරට අතර මෙම තරගය 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වෙන අතර පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?