මවගේ රන් මාලය උස්සලා උකස් කළ පුතා අත්අඩංගුවට

සිය මවගේ රත්‍රං මාලය සොරාගත් පුත්‍රයෙක් ඊයේ (14) පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ පදිංචි කාන්තාවකගේ පවුම් 05ක් පමණ වන රත්‍රං මාලයක් නිවසේ අල්මාරියේ තිබී රෝරගෙන ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල මත සිදුකළ විමර්ශනයක දී සොරකමට සැකපිට අදාළ කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම කාන්තාවගේ නිවසට යාබද නිවසක ඔහු පදිංචිව සිටින බවත් ඔහුගේ බිරිඳ විදෙස් ගතව සිටින බවත්, සැකකරු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සක්කර පුත්‍රා විසින් සොරාගත් එම මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර රුපියල් ලක්ෂ 09ක මුදලක් ලබාගෙන තිබෙනවා.

එලෙස ලබාගත් මුදල්වලින් ලක්ෂයක මුදලක් ඔහුගේ මිතුරෙකුට ලබා දී ඇති අතර, ඉතිරි මුදල් සියල්ලම සැකකරු වියදම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හැටන් පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46