AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් දින සැමරුම් උත්සවයේ අධීක්ෂණය කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්

2025-02-04 වැනි දිනට යෙදෙන 77 වන නිදහස් දින සමරු උළෙල පැවැත්වීමට අදාළව අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණ කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරිය සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති බව සඳහන්

මේ අතර නිදහස් දින සමරු උළෙල අභිමානවත් ලෙස සංවිධානය කිරීමට හැකි වන පරිදි අදාළ වන්නා වූ සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු සියලුම ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?