කාලිගේ ඔටුන්න හොරකම් කරලා

බංග්ලාදේශයේ සත්කිරාහි කෝවිලක කාලි දේවතාවියගේ ඔටුන්නක් සොරකම් කර ඇතැයි වාර්තා වනවා.

‘ද ඩේලි ස්ටාර්’ වාර්තා කරන පරිදි, 2021 මාර්තු මාසයේ කෝවිලට පැමිණි අවස්ථාවේ දී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම රන් ඔටුන්න තෑගි කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ත් 2.30ත් අතර කාලයේ දී මෙම සොරකම සිදු වී ඇත්තේ; එදින දහවල් දේව පූජාවෙන් පසු එහි භාරකරු කෝවිල වසා පිටව යෑමෙන් පසුවයි.

පසුදින පිරිසිදු කිරීමේ කාර්ය‍ය මණ්ඩලය දේවතාවියගේ හිසෙහි ඔටුන්න නොමැති බව නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම කෝවිල 12 වැනි සියවසේ අග භාගයේ දී ඉදිකරනු ලැබූවක්.

  1. අහෝ දෙවියනි.. ඔබට ඔබේ ඔටුන්න පරිස්සම් කර ගන්න බැරිනම්… ඔබට වඳින එකා පරිස්සම් කරන්නේ කෙසේද….