මධ්‍යම ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක්

මධ්‍යම ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගැනීමට යොදාගත් පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගිය බවයි පලස්තීන බලධාරීන් පැවසුවේ.

ගාසා හි හමාස් විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ නුසෙයිරාත් කඳවුරු භූමියට ඊයේ (13) මෙම කාලතුවක්කු ප්‍රහාරය එල්ල වූ බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කියා සිටියේ තමන් එම වාර්තා පිළිබඳව සොයා බලන බවයි.

මීට පෙර, උතුරු ගාසා තීරයේ වීදියක සෙල්ලම් කරමින් සිටිය දී ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් පස්දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෑත දිනවල ගාසා තීරයේ ගැටුම් ඇති වූ ප්‍රධාන ප්‍රදේශ වූයේ උතුරේ වන අතර, ඊශ්‍රායල හමුදා සතියකට වැඩි කාලයක සිට ප්‍රහාර තීව්‍ර කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රදේශයේ රෝහල්වල සැපයුම් අවසන් වෙමින් පවත නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ රතු කුරුස සංවිධානය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් එම සැපයුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16