කටුකුරුන්ද සිද්ධිය සියදිවි නසාගැනීමක් දැයි සැකයක් ?

කළුතර, කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දී ඊයේ (12) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් තිදෙනෙක් මිය යාමේ සිද්ධිය; සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබදව පොලිසියේ සැකය යොමුව තිබෙනවා.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් කළුතර, නාගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක තරුෂ අසංක නැමැති පුද්ගලයෙක්, ඔහුගේ අවුරුදු 02ක් පමණ වයසැති පුත්‍රයා සහ තවත් වයස අවුරුදු 49ක රොෂාන් ජානක නැමැති පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

21 හැවිරිදි පුද්ගලයා සිය පුත්‍රයා ද සමඟ දුම්රිය ස්ථානයේ වේදිකාවේ රැඳී සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති අතර ඔවුන්ව දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහ කිරීමේ දී අනෙක් පුද්ගලයා ද දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, දරුවා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබුණා.

තරුෂ අසංක නැමැත්තා දරුවා ද සමඟ දුම්රිය ස්ථානය දෙසට යන විට සැකසිතී ඔවුන් දෙදෙනා පසුපස රොෂාන් ජානක නැමැත්තා ද ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

21 හැවිරිදි තරුෂ අසංක දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට ද මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15