AFC Banner
Empty Ad
Empty Ad

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදාගේ සිර මැදිරි පිටුපසින් දුරකථනයක් හා උපාංග සොයාගෙන (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක්, දුරකථන උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (13) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ සිරමැදිරි කිහිපයක හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබුණා.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබීයදී ද දුරකතන උපාංග කිහිපයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

සොයාගත් දුරකථන සහ අමතර උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?