AFC Banner
Empty Ad
Empty Ad

තවත් සැක කටයුතු ජීප් රථයක් නුවරඑළියෙන් සොයාගැනේ

නුවරඑළිය නගරෙය් පිහිටි නිවසක් ඉදිරිපිට ගාල්කර තිබූ සැක සහිත පෙජරෝ වර්ගයේ ජීප් රථයක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (12) සිය භාරයට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ඥාතියෙකුට අයත් නිවසක් ඉදිරිපිට මෙම රථය ගාල්කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ජීප් රථය පොලිසිය සොයාගන්නා අවස්ථාවේ දී එහි නීත්‍යානුකූල ලියකියවිලි කිසිවක් තිබී නොමැති අතර, ඒ අනුවයි රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ජීප් රථයට අදාළ සියලුම ලියකියවිලි අද (13) දිනයේ පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් පොලිසියට දැනුම්දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?