අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 118,032ක් පීඩාවට – ගං වතුරේ ඔරුවක් පෙරළී පුද්ගලයෙක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පවුල් 29,980කට අයත් පුද්ගලයින් 118,032 දෙනෙකු මේ වනවිට බලපෑමට ලක්ව තිබෙනවා.

ඒ, අනුව සුරක්ෂිත මධස්ථාන 80ක් තුළ පවුල් 1,717කට අයත් පුද්ගලයින් 6,876 දෙනෙක් රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61ක පුද්ගලයින් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ අද (13) පෙරවරු 6.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණැගල – ලිහිණිවෙහෙර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.

මේ අතර වැසි තත්ත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගොස් ඇති කැළණි ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් ඔරුවක් පෙරලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද (13) පෙරවරුවේ දොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (12) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43