කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් වලස්මුල්ලේ දී අල්ලයි

කේරළ ගංජා කිලෝ 81යි ග්‍රෑම් 690ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (11) අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

වලස්මුල්ල පොලිස් වසමේ බෝවල ප්‍රදේශයේ දී සිදුකළ වටලිමක දී මෙම සැකකරුවන් සමඟ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝවල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් තුළ සඟවා තිබය දී මෙම ගංජා තොගය හමු වූ බවයි පොලිසිය පවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වලස්මුල්ල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 සහ 42 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම කේරළ ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයෙන් රැගෙන විත් බෙදාහැරීමට නියමිතව තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29