පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන ලංගම ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලුම නිවාඩු දිනයන්වල දී ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා.
එම සිසුන්ට ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සභාපතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව මාසයක් සඳහා ලබාගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාළ මාසයේ සෑම දිනකම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට හැකිවන පරිදි කටයුතු විධිමත් බරණ ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.
නිවාඩු දිනවල දී සිදුකරනු ලබන ගමන් වාරවල දී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වන බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන තිබෙනවා.














Superb what a decision…that should be implemented.. because of we are having lot of difficulties in our school time…