රජයේ වාහන ගැන පොලිසියෙන් මහජනතාවට ඉල්ලීමක් – ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25කුත් අතුරුදන්

රජයේ වාහන ලබාදීම පිළිබඳ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රජය විසින් විවිධ කාර්‍යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචාසහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ද ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් එම තොරතුරු ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දූරකථන අංකයට ලබාදෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ක්ෂණික දූරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ද පොලිසිය නිවේදනය කරනවා.

තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාව සම්පූර්ණයෙන් ම ආරක්ෂා කරන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නමුත් සත්‍ය තොරතුරු ලබාදිය යුතු බවත් අසත්‍ය තොරතුරු දෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් නිවේදනයේ සඳහන්.

මේ අතර මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘කොමප්ට්‍රොලර්’ කාර්‍යාලයේ නවතම වාර්තාවක් අනුව 2024 මැයි මස 20 වැනිදා වනවිට රජයට අයත් වාහන සමස්ත ප්‍රමාණය 90,077ක් බවට වාර්තා වනවා.

අමාත්‍යාංශයීය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ; ඉහත වාහන සංඛ්‍යාවෙන් ධාවනය කළැ හැකි තත්ත්වයේ පවතින්නේ වාහන 85,895ක් බවයි.

ධාවනය කළ නොහැකි වාහන ගණන 4182ක්.

මෙම සමස්ත වාහන සංඛ්‍යාවෙන් වාහන 37,181ක් අවුරුදු 15කට වඩා පැරණි වාහන බව ද එම වාර්තාවේ සඳහන් වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සෙසු වාහන 52,896න් 11,383ක් වසර 05කටත් අඩු නවීන වාහන බවට හෙළි ව තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25ක් අතුරුදන් බවත් එකී වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32