AFC Banner
Empty Ad
Empty Ad

රජයේ වාහන ගැන පොලිසියෙන් මහජනතාවට ඉල්ලීමක් – ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25කුත් අතුරුදන්

රජයේ වාහන ලබාදීම පිළිබඳ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රජය විසින් විවිධ කාර්‍යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචාසහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ද ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් එම තොරතුරු ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දූරකථන අංකයට ලබාදෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ක්ෂණික දූරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ද පොලිසිය නිවේදනය කරනවා.

තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාව සම්පූර්ණයෙන් ම ආරක්ෂා කරන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නමුත් සත්‍ය තොරතුරු ලබාදිය යුතු බවත් අසත්‍ය තොරතුරු දෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් නිවේදනයේ සඳහන්.

මේ අතර මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘කොමප්ට්‍රොලර්’ කාර්‍යාලයේ නවතම වාර්තාවක් අනුව 2024 මැයි මස 20 වැනිදා වනවිට රජයට අයත් වාහන සමස්ත ප්‍රමාණය 90,077ක් බවට වාර්තා වනවා.

අමාත්‍යාංශයීය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ; ඉහත වාහන සංඛ්‍යාවෙන් ධාවනය කළැ හැකි තත්ත්වයේ පවතින්නේ වාහන 85,895ක් බවයි.

ධාවනය කළ නොහැකි වාහන ගණන 4182ක්.

මෙම සමස්ත වාහන සංඛ්‍යාවෙන් වාහන 37,181ක් අවුරුදු 15කට වඩා පැරණි වාහන බව ද එම වාර්තාවේ සඳහන් වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සෙසු වාහන 52,896න් 11,383ක් වසර 05කටත් අඩු නවීන වාහන බවට හෙළි ව තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25ක් අතුරුදන් බවත් එකී වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑දොට්ට දැම්ම ලක් අම්මට සීලරතන හිමිගෙන් ආරාධනාවක්
01:54
Video thumbnail
Breaking News 🛑ලක් අම්මා රත්නපුර ලැයිස්තුවෙන් දොට්ට - ලුණු ඇඹුල් ඇතුව හේෂාට අමතන හඬපටය එළියට
01:06
Video thumbnail
නාම යෝජනා භාර දුන්න නලින්ද ජයතිස්ස රනිල්ට - සජිත්ට - නාමල්ට රිදෙන්නම දෙසයි #npp #akd
02:54
Video thumbnail
රා බිව්වත් එකයි - රා ගස් යට වාඩිාවෙලා හිටියත් එකයි #shortvideo #viralnews #1million
00:24
Video thumbnail
රන්ජන් ගම්පහෙන් වන් ෂොට් - මම බදුල්ලෙන් වන් ෂොට් - අපේ අත් දෙක පිරිසිදුයි
02:48
Video thumbnail
තාත්තත් රටට විහිළුවක් වෙලා යන්නම ගියා - දැන් පුතා ඇවිත් කරන්න යන වෙනස..#maithripalasirisena
04:09
Video thumbnail
Breaking News 🛑 කාලගුණයෙන් රතු නිවේදනයක් #weathernews #weatherupdate
04:26
Video thumbnail
ජනපති පන්නන්න ගහන ස.ජ.බ යටිකූට්ටු ගේම එළියට #sajithpremadasa #anurakumaradissanayake
03:33
Video thumbnail
හොඳ පලපුරුදු කන්ණ්ඩායමක් මාලිමාව ඇතුළේ නෑ - ස.ජ.බ හාම්පුතෙක් ආණ්ඩුවට දාපු සද්දේ... #sjb #npp
03:31
Video thumbnail
අනුර කුමාරටත් බෑ - "අනුර කුමාරටත් අපි පැය 24යි දෙන්නේ" #anurakumaradissanayake #akd
04:51

?