ශ්‍රී ලංකන් ගුවන් යානයක් උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ අද (10) පස්වරුවේ සෞදි අරාබියේ රියාද් නුවර බලා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් UL 265 දරන ගුවන් යානය ආරක්ෂිතව අද පස්වරු 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත යළිත් ගොඩබස්වා ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ගුවන් ගමන අවලංගු වුව ද; කිසිදු ගුවන් මගියෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවුණු බවත්; ඔවුන් හට නවාතැන් සඳහා හෝටල් කාමර සපයා ඇති බව ද වාර්තා වනවා.

මීළඟට ඇති ගුවන් ගමන සඳහා එම මගීන්ව සූදානම් කරන බව ද නිවේදනයේ දැක්වෙනවා.

සිය මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ඉහළම ප්‍රමුඛතාව වන අතර, මෙම අවස්ථාවේදී ඔවුන්ගේ අවබෝධය සහ සහයෝගීතාව බෙහෙවින් අගය කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
58
+1
21
+1
36
+1
21
+1
19
+1
11
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58