මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙමින් තිබෙන T20 කාන්තා ලෝක කුසලානය අතරතුර පාකිස්තාන කණ්ඩායම් නායිකා ෆාතිමා සානා යළි මව් රටට ගොස් තිබෙනවා.
ඒ ඇයගේ පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන්.
පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසන්නේ ඇයට පාකිස්තානය වෙත එමීර් සිට යා හැකි පළමු ගුවන් යානයෙන් ම සිය නිවෙස බලා පිටත්ව යාමට ඉඩකඩ සලසා ඇති බවයි.
ඇය පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි අද (10) රාත්‍රියේදීම කරච්චි නුවර වෙත පැමිණෙනු ඇති.
මේ හේතුවෙන් හෙට (11) ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඩුබායි හි දී පැවැත්වෙන මීළඟ තරගයේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ මුනීබා අලි හට හිමිව තිබෙනවා.














Oh sad news and please accept our deepest sympathies