ජෝයි රූට් ටෙස්ට් වාර්තා පොත් අලුත් කරයි – රූට්ගේ අඩිපාරේම ගිය හැරීගෙනුත් ද්විත්ව ශතකයක්

එංගලන්ත ක්‍රීඩක ජෝයි රූට් ටෙස්ට් වාර්තා අලුත් කරගන්නට සමත් වුණා.

ඒ මේ වනවිට (10) පාකිස්තානයට එරෙහිව මුල්තාන් නුවර දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් ලබා ගනිමින්.

රූට් අද දිනයේ දී සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සයවැනි ද්විත්ව ශතකය ලබා ගත්තා.

එමෙන්ම රූට් තම වාර්තාවක් ද අලුත් කිරීමට සමත් වුණා.

ඒ මෙතෙක් තමන් ටෙස්ට් පිටියේ ලබා තිබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද පසුකර යමින්.

රූට් මීට පෙර ලබා තිබුණු වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන්නේ 254ක්.

නමුත් රූට් මේ වනවිට පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 259ක් ලබා සිටිනවා.

ඔහුගේ අනර්ඝ ද්විත්ව ශතකයට හතරේ පහර 17ක් ද ඇතුළත්.

ජෝයි රූට් ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතර මේ වනවිට රැඳී සිටින්නේ 05 වැනි ස්ථානයේයි.

ඔහුට ඉහළින් සිටින සෙසු සිව්දෙනාම මේ වනවිට ක්‍රිකට් පිටියෙන් නිල වශයෙන් විශ්‍රාම ගෙන ඇත්තවුන්.

එබැවින් රූට් හට ඉන්දීය හිටපු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ව පසුකර යෑමට තවත් ලකුණු අවශ්‍ය වන්නේ 555ක් වැනි ප්‍රමාණයක්.

රූට් යනු ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ද ප්‍රමුඛයායි.

පසුගියදා රූට් ශ්‍රී ලංකාව සමග නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී මෙරට හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර ද පසුකර යාමට සමත් වුණා.

රූට් හට මෙම වාර්තා තැබීමට ටෙස්ට් තරග 147කට ක්‍රීඩා කරමින්; ඉනිම් 267කට මුහුණදීමට සිදු වුණා.

මේ අතර රූට්ගේ අඩිපාරේ ම යමින් හැරී බෘක් ද සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

හැරී මීට පෙර ටෙස්ට් පිටියේ ලබාගෙන තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 186ක් වන අතර මේ වනවිට ඔහු පිටියේ රැඳී සිටින්නේ ලකුණු 218ක් ලබා ගනිමින් නොදැවීයි.

රූට් සහ බෘක් අතර දැවැන්ත ලකුණු 409ක නොබිදුණු සබඳතාවක් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබෙනවා.

මේ වනවිට පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන්
තරගයේ සිව්වෙනි දිනය වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 658ක් ලබා සිටිනවා.

එංගලන්තය පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 102ක් මේ වනවිට ඉදිරියෙන් සිටීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18