මෑත කාලයේ ඇල්ලූ දැවැන්තම මත්කරල් තොගය බොරැල්ලෙන් අල්ලයි (වීඩියෝ)

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක් වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ලේ දී බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 02හි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) දින බොරැල්ල රේමන්ඩ් මල් ශාලාව අසල ඇති මාර්ග සංඥාව අසල දී අදාළ වැටලීම සිදු කර තිබෙනවා.

එහි දී රුපියල් කෝටි 06ක වෙළෙඳපොළ වටිනාකමක් සහිත Pregab (ප්‍රෙගැබ්) නමැති මත්කරල් 599,000 ක තොගයක් ලොරි රථයකින් ප්‍ර‍වාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරීමේ දී හෙළි ව ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසල දි මෙම මත්කරල් තොගය ලබාදුන් බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට මොහුට උපදෙස් ලබා දී ඇති බවයි.

මෙම නීතිවිරෝධී මත්කරල් පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් අලෙවි කරන බවට ද හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34