මෑත කාලයේ ඇල්ලූ දැවැන්තම මත්කරල් තොගය බොරැල්ලෙන් අල්ලයි (වීඩියෝ)

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක් වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ලේ දී බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 02හි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) දින බොරැල්ල රේමන්ඩ් මල් ශාලාව අසල ඇති මාර්ග සංඥාව අසල දී අදාළ වැටලීම සිදු කර තිබෙනවා.

එහි දී රුපියල් කෝටි 06ක වෙළෙඳපොළ වටිනාකමක් සහිත Pregab (ප්‍රෙගැබ්) නමැති මත්කරල් 599,000 ක තොගයක් ලොරි රථයකින් ප්‍ර‍වාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරීමේ දී හෙළි ව ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසල දි මෙම මත්කරල් තොගය ලබාදුන් බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට මොහුට උපදෙස් ලබා දී ඇති බවයි.

මෙම නීතිවිරෝධී මත්කරල් පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් අලෙවි කරන බවට ද හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?