ඉන්දීය කාන්තා කණ්ඩායමේ අනුකම්පා විරහිත ක්‍රීඩා විලාසයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයෙන් දොට්ට

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුව ද ඊයේ (09) රාත්‍රියේ දී බොඳ ව ගියා.

A කාණ්ඩය යටතේ මෙවර තරග වැදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඩුබායි හි දී පැවති තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 82කින් පරාජයට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මප්‍රීට් කෞර් පළමුව පිතිකරණය තෝරාගනිමින් ඉලක්කගත ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම භාරගැනුණා.

ඊට කදිම සාධාරණයක් සිදු කරමින් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙපළ වන ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා.

ස්ම්‍රිති මන්දනා ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියේ 27 වැනි අර්ධ ශතකය (50) ද ලබා ගැනීමට සමත් වුණා.

මන්දනාගේ දැවී යාමත්, ලකුණු අතර සිටි වර්මාගේ (43) දැවී යාමත් එක ළඟ සිදුවීමත් තෙවැනි කඩුල්ල ද ඉතා ඉක්මනින් බිඳ වැටීමෙන් ඉන්දීය කණ්ඩායම යම් තරමක අපහසුතාවකට ලක් වුණ ද; සිව්වැනි කඩුල්ලට පිටියට පිවිසි නායිකා හර්මප්‍රිට් කෞර් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට අනුකම්පා විරහිත ලෙස පහරදෙන්නට පටන් ගත්තා.

සිය නායකත්ව ඉනිමක් නොදැවී ක්‍රීඩා කළ කෞර් පන්දු 27ක දී නොදැවී ලකුණු 52ක් රැස් කරගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 08කින් සිය ඉනිම වර්ණවත් කරගනිමින්.

කෞර් ඊයේ දිනයේ දී ලබාගත්තේ සිය T20 දිවියේ 13 වැනි අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා කඩුලු දඩයම කඩුලු 03කින් සීමා කරගත් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 172ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූයේ මෙවර T20 තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කියමින්.

පිළිතුරු ඉනිම ජයග්‍රාහී ලකුණු 173ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු ත්‍රිත්ත්වය ම ලකුණු 10ක් තුළ දවා ගන්නට ඉන්දීය පන්දු බලඇණිය සමත් වුණා.

ආරම්භක පන්දු යවන්නිය ලෙස කෞර් විසින් යොදනු ලැබූ රේණුකා සින්ග් සහ පටිල් විසින් මුල් කඩුලු 02ම බිඳ දමනු ලැබුවේ; ශ්‍රී ලංකාව කණ්ඩායමේ බලාපොරොත්තු තැබිය හැකි පිතිකාරිණියන් දෙදෙනකුව යළිත් ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් බවට පත් කරමින්.

එහි පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්නත් දෙවැනි කඩුල්ල ලෙස චමරි අතපත්තුත් දැවී ගියා.

තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 03කට හර්ෂිතා සමරවික්‍රම දැවී ගියේ යළිත් රේණුකා සින්ග් යොමු කළ සිය දෙවැනි පන්දු වාරයේදීයි.

කෙසේවෙතත් සිව්වැනි කඩුල්ලට පිටියට පිවිස සිටි කවිෂ්කා දිල්හාරි සහ අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා ඉනිමට යම් ලකුණු සංඛ්‍යාවක් එක් කිරීමට උත්සාහ කළ ද එය ජයග්‍රහණයට නම් කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ.

දිල්හාරි ලකුණු 21කටත්, සංජීවනී ලකුණු 20කටත් දැවී ගියා.

අමා කාංචනා පමණක් ඉන් අනතුරුව ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුණ ද සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවා යන්නට ඉඩ ලැබුණේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ පන්දුවාර 19කුත් පන්දු 05ක් අවසානයේ දී ලකුණු 90ක් පමණයි.

කඩුලු බිඳ දැමීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුලු 03 බැගින් අරුන්දති රෙඩ්ඩී සහ ආශා සොභනා ලකුණු 19ක දී බිඳ දැමුවා.

රේණුකා සින්ග් කඩුලු 02ක් සහ ශර්මා සහ පටිල් එක් කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටයේ තරග 03න් තරග 02ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත් වෙන්නට සමත් වූයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ තරගයෙන් ම එළියට විසි කරමින්.

තරගයේ වීරයා විශිෂ්ට ඉනිමක් නොදැවී ක්‍රීඩා කළ නායිකා හර්මප්‍රිට් කෞර් විසින් දිනාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55