AFC Banner
Empty Ad
Empty Ad

දුවද්දී දැවීයාමට හසු වූ මන්දනාගේ ඉනිම

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ස්ම්‍රිති මන්දනා ජාත්‍යන්තර පන්දුවාර 20 -20 ක්‍රිකට් පිටියේ සිය 27 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට (09) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දියි.

තරගය දෙරට අතර අද රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වුයේ කාසියේ වාසිය ඉන්දියාව සතු කරමින්.

ඒ අනුව පිතිකරණය පළමුව තෝරා ගත් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙනදෙමින් ස්ම්‍රිති මන්දනා පන්දු 38ක දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

මන්දනාගේ ලකුණු 50ට එක් හයේ පහරක් සහ හතරේ පහර 04ක් ද ඇතුළත්.

ඇය අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසු චමරි අතපත්තු යොමු කළ පන්දුවකට අවාසනාවකට දුවද්දී දැවී යාමකට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?