පාප් වහන්සේගේ සුබ පැතුම් පණිවිඩය ජනපති වෙතට පිළිගැන්වෙයි (ඡායාරූප)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ඊට අදාළ සුබ පැතුම් පණිවිඩය අද (09) ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙම නිල හමුවීම අද ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදු වුණා.

නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙනයාමට හැකිවනු ඇති බවයි වතිකානු තානාපති පැවසුවේ.

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ව මෙහිදී සුබවාදී අදහස් පළ කළ අතිඋතුම් උඩෙයිග්වේ හිමිපාණන් ජනතාව අපේක්ෂා කරන අයුරින් මනා සංවර්ධනයක් රට තුළ මේ වනවිටත් සිදුවන බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව මුහුණදුන් අතිශය අමිහිරි අත්දැකීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී කනගාටුව පළ කෙරුණා.

එම නඩු කටයුත්ත විනිවිදභාවයකින් සහ විශ්වසනීයත්වයකින් අදාළ පරීක්ෂණ පැවැත්වීමට මුලපිරීම ගැන ද ජනාධිපතිවරයා වෙත වතිකාන තානාපති හිමිපාණන් සිය ස්තුතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Ambassador of the Holy See 1
Ambassador of the Holy See 2
Ambassador of the Holy See 3
Ambassador of the Holy See 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41