AFC Banner
Empty Ad
Empty Ad

ජලාශයේ ගිලෙමින් සිටි තරුණයාගේ දිවි බේරූ කළමණාකාරවරයා

කාසල්රි ජලාශයට වැටී ජලයේ ගිලෙමින් සිටි තරුණයෙක් බේරාගැනිමට ජලාශය ආසන්නයේ පිහිටි සංචාර නිකේතනයක කළමණාකාරවරයෙකු අද (08) සමත්ව තිබෙනවා.

සංචාර නිකේතනයක අසළ පිහිටි කාසල්රි ජලාශය දෙසින් කෑගසන ශබ්දයක් ඇසි ඒ පිළිබඳව කළ සොයාබැලීමේ දී ජලාශයේ තරුණයෙකු ගිලෙන බවට කළමණාකාරවරයා දැක තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ කළමණාකාරවරයා ජලාශයට පැන ගිලෙමින් සිටි තරුණයාව බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව බේරාගත් තරුණයාව ප්‍රදේශවසින් සමඟ එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ජලාශයේ ගිලෙමින් සිටි තරුණයා වයස අවුරුදු 18-20ත් අතර වයසේ පසුවන අයෙක් බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?