සමාජ මාධ්‍ය රත් කළ, අම්මයි මිනිබිරියයි අසරණ පියෙකුට පහර දෙන වීඩියෝවේ සුළමුල මෙන්න

නිවෙසට පැමිණි වයෝවෘද්ධ පියාව ගේට්ටුව අසලින්ම පන්නා දමමින් ඉදලකින් සහ කුඩයකින් අමානුෂික ලෙස පහර දෙමින් බැන වැදෙන ඔහුගේ දියණිය සහ මිනිබිරිය නාරාහේන්පිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ක්‍රියාව දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය කලඹවමින් සැරිසැරූ අතර ඒ ඔස්සේ නාරාහේන්පිට පොලිසිය මඟින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් 19 වැනි දින මෙම පහරදීම නාරාහේන්පිට, දාබරේ මාවතේදී සිදුව ඇති බවටද ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

වයෝවෘද්ධ පියාට ඔහුගේම දියණිය සහ මිනිබිරිය එලෙස සිදුකළ පහරදීම අසල්වාසියකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

වයෝවෘද්ධ පියාට ඉදලෙන් පහර දුන් දියණිය එහිදී පවසා තිබුණේ අවශ්‍ය නම් පියාට පොලිසි යන ලෙසටය.

මෙලෙස පියාට තර්ජනය කරමින් පහරදුන් ඔහුගේ දියණිය හා මිනිබිරිය වයෝවෘද්ධ පියාව නිවෙසට නොගෙන ගේට්ටුව අසලින්ම පිටමං කර තිබූ බව පොලිසිය පවසයි.

මෙම වයෝවෘද්ධ පියා ඊට යාබද නිවෙසක ජීවත් වන බවද පොලිසිය කියා සිටී. පියා විසින්ම දුන් ඉඩමක දියණිය පදිංචිව සිටින අතර පෙරේදා (20දා) මේ සම්බන්ධයෙන් දියණිය හා මිනිබිරිය අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔවුන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ. පහර කෑමට ලක් වූ වයෝවෘද්ධ පියා රෝහල්ගත කර ඇත.

සසැදි පුවත – පිය සෙනෙහසට අමානුෂිකව පහරදුන් පව්කාර දියණිය

චාමර අමරසූරිය
ලිපියේ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්…


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36