ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත්කර තිබෙනවා.

ඒ, අනුව ඔහු එම කොමිෂන් සභාවේ සභාපති ධුරයේ අද (08) වැඩ භාර ගැනීමට නියමිතයි.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.