AFC Banner
Empty Ad
Empty Ad

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳට ක්‍රිකට් තහනම් වෙයි ? (වීඩියෝ)

තමන් දේශපාලනය කිරීමට සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග නිල වශයෙන් එක් වූ දින සිට තමන්ට කිසිදු ලෙසකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බව අප්සාරි තිලකරත්න මහත්මිය පවසනවා.

අප්සාරි තිලකරත්න යනු මෙරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය දරන ලද තැනැත්තියක් වන අතර ඇය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ ද වනවා.

නමුත් ඇය සිය ස්වාමිපුරුෂයා වන හෂාන් තිලකරත්න සමග පසුගිය ජනාධිපතිවරණයේ දී සිය දේශපාලනික සහාය සජිත් ප්‍රේමදාස මහතාට පළ කරන බවටයි දැනුම්දුන්නේ.

ඉන් අනතුරුව ඔවුන් විපක්ෂ නායකවරයා සමග දේශපාලනික වැඩකටයුතුවලට ද පෙනී සිටියා.

නමුත් අප්සාරි තිලකරත්න මහත්මිය අද (07) දිනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ; තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ කිසිදු ඊමේල් පණිවිඩයකට මෙතෙක් පිළිතුරු නොලැබුණු බවයි.

සමහර විට තමන්ගේ දේශපාලනික ආගමනය මත අදාළ තනතුරු අහිමි ව ගොස් තිබිය හැකි බවට ද ඇය පවසා සිටිනවා.

කාන්තා ක්‍රිකට් වෙනුවෙන් තමා විශාල සේවාවක් ඉටුකළ බවයි අප්සාරි තිලකරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?