දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳට ක්‍රිකට් තහනම් වෙයි ? (වීඩියෝ)

තමන් දේශපාලනය කිරීමට සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග නිල වශයෙන් එක් වූ දින සිට තමන්ට කිසිදු ලෙසකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බව අප්සාරි තිලකරත්න මහත්මිය පවසනවා.

අප්සාරි තිලකරත්න යනු මෙරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය දරන ලද තැනැත්තියක් වන අතර ඇය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ ද වනවා.

නමුත් ඇය සිය ස්වාමිපුරුෂයා වන හෂාන් තිලකරත්න සමග පසුගිය ජනාධිපතිවරණයේ දී සිය දේශපාලනික සහාය සජිත් ප්‍රේමදාස මහතාට පළ කරන බවටයි දැනුම්දුන්නේ.

ඉන් අනතුරුව ඔවුන් විපක්ෂ නායකවරයා සමග දේශපාලනික වැඩකටයුතුවලට ද පෙනී සිටියා.

නමුත් අප්සාරි තිලකරත්න මහත්මිය අද (07) දිනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ; තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ කිසිදු ඊමේල් පණිවිඩයකට මෙතෙක් පිළිතුරු නොලැබුණු බවයි.

සමහර විට තමන්ගේ දේශපාලනික ආගමනය මත අදාළ තනතුරු අහිමි ව ගොස් තිබිය හැකි බවට ද ඇය පවසා සිටිනවා.

කාන්තා ක්‍රිකට් වෙනුවෙන් තමා විශාල සේවාවක් ඉටුකළ බවයි අප්සාරි තිලකරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. ශම්මි ඇතුලු හොරු රැල ඉන්න තුරු ලන්කාවෙ ක්‍රිකට් හදන්න බැහැ. උන් එතරම් තිරිසනුන්. ජේවීපී බලයට ආවා උනත් මේ දූශිතයන් ඊට වඩා බලවත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18