AFC Banner
Empty Ad
Empty Ad

පසුගියදා විවෘත කළ අරලියගහ මන්දිරය අසල පාර ගැන පොලිසියෙන් දැනුම්දීමක්

වසර 19 කට පසු මහජනතාව සඳහා පසුගියදා විවෘත කළ කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගය පිළිබඳව පොලිසිය විශේෂ දැනුම්දීමක් කරනවා.

පොලිසිය සඳහන් කරන්නේ විවෘත කළ ආර්.ඒ.ද මැල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය දැනට විවෘතව පවතින්නේ සැහැල්ලු වාහන සඳහා පමණක් බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව ඔක්තෝබර් 04 වනිදා මෙම මාර්ගය මහජනතාවට විවෘත කළා.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනයට අවසර හිමිව ඇති අතර, අලුත්වැඩියා කටයුතු අවසන් වූ පසු වාහනවලට මංතීරු දෙකම භාවිත කිරීමට අවසර හිමිවන බවයි පොලිසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?