AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට

හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් තුල රැඳී සිටිමින් සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් මඟින් මූල්‍ය වංචා වල යෙදී සිටි විදෙස් ජාතිකයින් පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරකට අනුව එම ස්ථාන පරීක්ෂා කර එහි සිටි සැකකටයුතු විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

අද (06) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29 ක්, හා කාන්තාවක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් 03 ක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් 02 ක් හා කාන්තාවන් 04 දෙනෙකු සිටිනවා.

ඔවුන් සන්තකයේ තිබී මුල්‍ය වංචාවන් සිදු කිරීම සඳහා යොදාගන්නා ලද ජංගම දුරකථන 499ක් ලැප්ටොප් 24ක් හා ඩෙස්ක්ටොප් 29ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොවුන් විසින් විවිධ ක්‍රම ඔස්සේ මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?