ඉලංගෙයි තමිල් අරසු පක්ෂය අලුත් තීරණයක් ගනියි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හැර උතුරු නැගෙනහිර පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙනම තරඟ කිරීමට පක්ෂයේ නාමයෝජනා කමිටුව තීරණය කොට ඇති බව වාර්තා වනවා.

පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (06) වවුනියාව දිස්ත්‍රික්කයේ පෞද්ගලික හෝටලයක රැස්වීමෙන් අනතුරුව අදාළ තීරණය ගෙන තිබුණා.

නාමයෝජනා කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්රීම එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසූවේ තම පක්ෂයේ නාමයෝජනා කමිටුව අද (06) රැස්වීමේදී උතුරු නැගෙනහිර පළාත්වල ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක වෙත තනිව තරඟ වැදීමට තීරණය කළ බවයි.

රිකුණාමළය දිස්ත්‍රික්කය වෙත අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කොට ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම පවසනවා.

දැනට යාපනය දිස්ත්‍රික්කය හා මඩකලපුව දිස්ත්‍රික්කය වෙත නාමයෝජනා සකස් කිරීම අවසන් කොට ඇති බවත්,අනෙකුත් දිස්ත්‍රික්කය වෙත ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් 09 වැනිදා අවසන් තීරණයක් ගැනීමට පක්ෂයේ නාමයෝජනා කමිටුව තීරණය කළ බවද හෙතෙම සඳහන් කළා.

යාපනය දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුව වෙත තමන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා හැරෙන්නට අනෙක් හත්දෙනාම පළමු වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවත්, ඉන් දෙදෙනෙකු කාන්තා නියෝජිතයින් වන බවත් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසූවේ යාපනය දිස්ත්‍රික්ක ලැයිස්තුව වෙත කාන්තා නියෝජිතයින් දෙදෙනෙකුට අවස්ථාව ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් පක්ෂය සතුටු වන බවයි.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු අනෙකුත් හිටපු පාර්ලිමේන්තු මත්‍රීවරුන් ස්ව කැමැත්තෙන්ම මෙවර තරඟ නොකරන බවට දැනුම්දී ඇති බවද හෙතෙම සඳහන් කළා.

සාකච්ජාව වෙනුවෙන් පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතා, පක්ෂයේ ලේකම් වෛද්‍ය පි.සත්යකලිංගම් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31