පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, සඳහා සිදුකරන පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එම වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් තමාට පැවරී ඇති බලතල අනුව හා තමාට හිමි සීමාව තුළ සිට නිසි පරිදි ඉටුකරන බවට සහතික විය හැකි බවයි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
අද (06) පෙරවරුවේ මීගමුව – කටුවාපිටිය දේවස්ථානයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා.














චූදිතයන්ට පැන යාමට ඉඩ නොදෙන්න. වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න. නැතහොත් රටම බේදවාචකයක් කීරීම ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදීන්ට පහසුවක් වනු ඇත
මමත් උපතින් කතෝලිකයෙක් මම බලාපොරොත්තු වෙනවා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මම හිතනවා ගොඩක් අය අසරණ වුණා ගොඩක් අය නරක විදිහට කාදිනල්තුමාට බැන්නා ගොඩක් අය කැත විදියට කාදිනල්තුමාට අපහාස කරා