AFC Banner
Empty Ad
Empty Ad

වැලිපැන්න ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළකගේ මළසිරුරු හමුවෙයි (ඡායාරූප)

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවළකගේ මළසිරුරු දෙකක් හමුවූ බව වැලිපැන්න පොලිසිය සඳහන් කරනවා.

රෙදිපටියකින් මුහුණ ගැටගසා ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුළ මෙලෙස ඝාතනය කර තිබෙනවා.

නිවසේ පිටිපස දොර අඩවල් කර තිබී ඇති අතර විදුලි පහන් කිහිපයක් දැල්වෙමින් තිබී ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

පිරිමි පුද්ගලයා ගේ එක් කනකින් රුධිරය වහනය වෙමින් තිබෙනු දැකගත හැකි බව ද සඳහන්.

මියගිය බිරිඳ වයස අවුරුදු 67ක් වන අතර සැමියා වයස අවුරුදු 75 පසුවනවා.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගොස් ඇති ව්‍යාපාරික අඹුසැමි දෙපළ වතු කිහිපයක් සහ ගල් කොරියක් හිමි ව්‍යාපාරික යුවලක් බවත් ඔවුන්ට දරුවන් නොමැති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද ස්ථානයට ළගාවෙමින් සිටින බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 10 06 at 15.14.18 2 4
WhatsApp Image 2024 10 06 at 15.14.19 1 4
01 4
02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?