AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයට එරෙහිව බංග්ලාදේශයේ දැවැන්ත විරෝධතා

ඊශ්‍රායලයට එරෙහිව බංග්ලාදේශයේ දැවැන්ත විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනය හා ගාසා තීරය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

විරෝධතාව පැවැත්වුණේ ඩකා අගනුවරවන අතර බංග්ලාදේශ ඉස්ලාමීය දේශපාලන පක්ෂය එම විරෝධතාව සංවිධාන කර ඇති බව සඳහන්.

එම විරෝධතාවයට දහස් ගණනක පිරිසක් එක්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ; ඔවුන් පලස්තීන ධජ අතැතිව යුද විරෝධි සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වූ බවයි.

මුස්ලිම් ප්‍රජාව නිරන්තරයෙන් ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල වී තිබුණු අතර ඒ පිළිබඳව ජගත් සංවිධානය කඩිනම් පියවර ගතයුතු බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?