හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ රජයෙන් ඉල්ලීමක් කරයි (වීඩියෝ)

දිවුලපිටිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (05) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ ළඟදී පැවැත්වෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය සමඟ එකතු නොවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට නාම යෝජනා භාර ගනිමින් සිටින බව ද ඔහු මෙහිදී අදහස් ඉදිරිපත් කළා.

වගකීමකින් කටයුතු කළ නොහැකි පුද්ගලයන්ට තම පක්ෂයේ දොරටු විවෘත නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අධියරයන් යටතේ පොහොර ලබා දීමට රජය ගත් තීරණය ප්‍රායෝගික නොවන අතර එය නිසි කළට ගොවීන්ට ලබා දෙන ලෙස මොහු රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

එමෙන්ම ජනතාවට දෙන සහනාධාර සම්බන්ධයෙන් තම පක්ෂයේ කිසිඳු විරෝධයක් නොමැති බවත් ඒ පිළිබඳව තම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවත් ඔහු මෙහිදී සඳහන් කෙරුණා.

සිදු වූ දූෂණ වංචා පිළිබඳව මෙන්ම රාජපක්ෂ පාලන සමයේ එල්ල කරන ලද දූෂණ වංචා සම්බන්ධයෙන් ද සොයා බලා ඒ පිළිබඳව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
22
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15