නිමල් සිරිපාලගේ පාර්ශ්වය ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට (වීඩියෝ)

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබෙනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ අද (04) පස්වරුවේ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බවයි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මධ්‍යම කාරක සභාව අද (04) රැස් වුණා.