ඉන්දීය විදෙස් ඇමති හමුවෙන් පසු ජනපතිගෙන් විශේෂ එක්ස් සටහනක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා කළා.

එම සාකච්ඡාවෙන් අනතුරුව සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාවේ සහාය යළි තහවුරු කළ බවත්, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කරුණු අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් අද (04) උදෑසන දිවයිනට පැමිණියා.

එලෙස පැමිණි ආචාර්ය එස්.ජයශංකර් අද (04) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡාකර තිබෙනවා.

එමෙන්ම ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද අද (04) හමු වී ඇති බවයි වාර්තා වුණේ.

ඩිජිටල් පොදු යටිතල පහසුකම්, පුහුණුව සහ ධාරිතා ගොඩනැගීම පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කර ඇති අතර,දෙරටේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කිරීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්.

4 1
5
6
7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56