අතුරුදන් සිව්දරු පියාගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

දින 06ක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිටි සිව්දරු පියාගේ සිරුර මහවැලි ගඟේ නාවලපිටිය, දොරවාදෙණිය වැල් පාලම අසළ තිබි හමු වු බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටියි මහතා පවසනවා.

මෙසේ මහවැලි ගගේ පාවෙමින් තිබියදි හමුවුයේ නාවලපිටිය පොලිස් වසමට අයත් තිස්පනේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයි.ජි.මුදියන්සේ නැමති 71ක් හැවිරිදි සිව්දරු පියාගේ සිරුරයි.

දින හයක් තිස්සේ මෙම පුද්ගලයා අතුරුදහන් වි ඇති බවට ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ දියණිය විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මහවැලි ගගේ නාඳුනන මළ සිරුරක් පාවෙමින් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසියට ලබාදෙන ලද තොරතුරක් මත සිරුර ගොඩගෙන පරික්ෂා කිරිමේදි එම සිරුර අතුරුදන් සිටි සිව්දරු පියාගේ සිරුර බවට ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ දරුවන් හඳුනාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !