අලි ගැටලු නිසා ජනතාව පීඩාවට පත් වෙයි

හසලක, මිනිපේ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලට ජනතාව කලක සිට වන අලි ගැටලු මුහුණදී තිබෙනවා.

මිණිපේ, හසලක උල්පොතගම ගඟේ යාය ගොවි බිම් වගා භූමි වන අලි විනාශ කිරිම හේතුවෙන් ජනතාව මහත් පීඩාවකට
පත්ව සිටිනවා.

මහවැගි ගඟ දිගේ වන අලි පැන්නීමේ මෙහෙයුමක් මේ දින වල ක්‍රියාත්මක අතර, එම පැන්නූ වන අලි තමන්ගේ ගම්මානවල ගොවි බිම් විනාශ කරන බවයි ගොවීන් පවසන්නේ.

අලි වෙඩි නොමැති බව පවසමින් වනජීවී නිලධාරීන් පිටවගොස් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

මේ දිනවල මහියංගණ හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වන අලි එලවා හැරීමේ මෙහෙයුමක්ද මහියංගණ හා රිදිමාලියද්ද වනජීවී කාර්යාලයේ නිළධාරීන් එක්ව දින 05ක් තිස්සේ සිදු කරනු ලබනවා.

ඊට සමගාමීව මහියංගණ මහවැලි ගඟේ දිවාකාලයේ රැදී සිටින වන අලි රංචුවක් අද (04) දහවල් වනජිවි නිළධාරීන් මැදිහත්ව මහවැලි ගග දිගේ පහළට එළවා දමා තිබුණා.

පත් වු නව රජයෙන් රටපුරා පවතින වන අලි ගැටළුවට ප්‍රමුඛතාවය ලබාදී ඒ සඳහා ස්ථිර කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලීම් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28