AFC Banner
Empty Ad
Empty Ad

අලි ගැටලු නිසා ජනතාව පීඩාවට පත් වෙයි

හසලක, මිනිපේ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලට ජනතාව කලක සිට වන අලි ගැටලු මුහුණදී තිබෙනවා.

මිණිපේ, හසලක උල්පොතගම ගඟේ යාය ගොවි බිම් වගා භූමි වන අලි විනාශ කිරිම හේතුවෙන් ජනතාව මහත් පීඩාවකට
පත්ව සිටිනවා.

මහවැගි ගඟ දිගේ වන අලි පැන්නීමේ මෙහෙයුමක් මේ දින වල ක්‍රියාත්මක අතර, එම පැන්නූ වන අලි තමන්ගේ ගම්මානවල ගොවි බිම් විනාශ කරන බවයි ගොවීන් පවසන්නේ.

අලි වෙඩි නොමැති බව පවසමින් වනජීවී නිලධාරීන් පිටවගොස් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

මේ දිනවල මහියංගණ හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වන අලි එලවා හැරීමේ මෙහෙයුමක්ද මහියංගණ හා රිදිමාලියද්ද වනජීවී කාර්යාලයේ නිළධාරීන් එක්ව දින 05ක් තිස්සේ සිදු කරනු ලබනවා.

ඊට සමගාමීව මහියංගණ මහවැලි ගඟේ දිවාකාලයේ රැදී සිටින වන අලි රංචුවක් අද (04) දහවල් වනජිවි නිළධාරීන් මැදිහත්ව මහවැලි ගග දිගේ පහළට එළවා දමා තිබුණා.

පත් වු නව රජයෙන් රටපුරා පවතින වන අලි ගැටළුවට ප්‍රමුඛතාවය ලබාදී ඒ සඳහා ස්ථිර කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලීම් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?