නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි – ස්වාධීන අපේක්ෂකයෙක් නම් රු:2000ක් තැන්පත් කරන්න (වීඩියෝ)

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද (04) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; අද උදෑසන සිට දිස්ත්‍රික්ක 22ක් පදනම් කරගනිමින් තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ වූ බවයි.

අද සිට එළඹෙන 11 වැනිදා දහවල් 12 තෙක් මෙම නාමයෝජනා රාජකාරි වේලාවන් තුළ දී භාරගන්නා බවයි පැවසෙන්නේ.

එමෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල දී නාම යෝජනා භාරගැනීම් කටයුතු සිදු කෙරෙන්නේ නැහැ.

මේ අතර දේශපාලන පක්ෂ ඇප මුදල් තැන්පත් කිරීම අවශ්‍ය නොවන බවත්; ස්වාධීන අපේක්ෂකයින් ඉදිරිපත් වන සංඛ්‍යාවට සාපේක්ෂව එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 2000ක් බැගින් ඇප මුදල් තැන්පත් කළ යුතු ව තිබෙනවා.

මෙම ඇප මුදල් තැන්පත් කිරීම ඔක්තෝබර් 11 වැනි දින දහවල් 12න් අවසන් වනු ඇති.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ ප්‍රමාදයකින් තොරව අදාළ ඇප මුදල් සහ නාමයෝජනා පත්‍රවල සියලුම ලියකියවිලි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01