AFC Banner
Empty Ad
Empty Ad

නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි – ස්වාධීන අපේක්ෂකයෙක් නම් රු:2000ක් තැන්පත් කරන්න (වීඩියෝ)

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද (04) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; අද උදෑසන සිට දිස්ත්‍රික්ක 22ක් පදනම් කරගනිමින් තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ වූ බවයි.

අද සිට එළඹෙන 11 වැනිදා දහවල් 12 තෙක් මෙම නාමයෝජනා රාජකාරි වේලාවන් තුළ දී භාරගන්නා බවයි පැවසෙන්නේ.

එමෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල දී නාම යෝජනා භාරගැනීම් කටයුතු සිදු කෙරෙන්නේ නැහැ.

මේ අතර දේශපාලන පක්ෂ ඇප මුදල් තැන්පත් කිරීම අවශ්‍ය නොවන බවත්; ස්වාධීන අපේක්ෂකයින් ඉදිරිපත් වන සංඛ්‍යාවට සාපේක්ෂව එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 2000ක් බැගින් ඇප මුදල් තැන්පත් කළ යුතු ව තිබෙනවා.

මෙම ඇප මුදල් තැන්පත් කිරීම ඔක්තෝබර් 11 වැනි දින දහවල් 12න් අවසන් වනු ඇති.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ ප්‍රමාදයකින් තොරව අදාළ ඇප මුදල් සහ නාමයෝජනා පත්‍රවල සියලුම ලියකියවිලි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18
Video thumbnail
එපා එපා කිව්ව අය ලන් කරගෙන නටන නාඩගම එළියට... #akd #npp #anurakumaradissanayake
07:04
Video thumbnail
මහ මැතිවරණයේ පොහොට්ටුවේ සැලසුම කලින්ම එළියට - කාට කාටත් ඇඩ්‍රස් නැතිවෙයි#namalrajapaksha
02:09
Video thumbnail
ජනපති අනුර IMF නියෝජිතයින් හමුවෙයි...#akd #npp #anurakumaradissanayake
00:50
Video thumbnail
මෙන්න දවස් 21 මැජික් එකක්
08:15

?