අවුරා ලංකා සභාපති තාඹුගලගේ ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණ නියෝගයක්

කෝටි හතක මූල්‍ය වංචා සිද්ධියකට සම්බන්ධ බව කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඔුගල විදෙස් බැංකුවල තැන්පත් කර ඇති ගිණුම්වලට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණයෙන් එම දෙපාර්තමේන්තුවට නියම කෙරුණා.

විදෙස් බැංකුවල තමන් තැන්පත් කර තිබෙන තමාගේ ගිණුම් විවෘත කිරීම සඳහා රහස් කේත අංක භාවිතා කළ යුතුව ඇති බැවින් තමාට විදෙස් ගතවිය යුතුව ඇති බැවත් එබැවින් තමාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සැකකාර තාඹුගල සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සැකකරගේ විදෙස් ගමන් තහනම ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරිය දැනුම්දුන්නා.

අයි.ඩබ්ලිව්.එස් හෝල්ඩින් සමාගමේ සභාපති ආතර් සේනානායක කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබුණු බවයි වාර්තා වන්නේ.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේමරත්නා මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?