පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු තරගය ජය ගැනීමට පාකිස්තානයෙන් ලකුණු 117ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අද (03) එක්සත් අරාබි එමීර් හි දී ආරම්භ වූ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවැනි තරගය සනිටුහන් කරමින්.

සාජා හිදී රාත්‍රී 7.30ට ඇරඹුණු දෙරට අතර තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ආරම්භයේ සිටම ශක්තිමත් ලකුණු පුවරුවක අඩිතාලම දමන්නට පැමිණි පාකිස්තාන පිතිකාරිණියන්ට එය සිතූ තරම් පහසු වූයේ නැහැ.

ඒ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු බලඇණියෙන් එල්ල වූ පීඩනය හමුවේයි.

පාකිස්තානයේ මුල් කඩුලු 03ම ලකුණු 35ක් තුළ දවාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පාකිස්තාන පිතිකරණ ලැයිස්තුවේ යම්තාක් දුරකට හෝ සාර්ථක නොවුණ ද, ලකුණු ප්‍රමාණයක් රැස් කරගත හැකි වූයේ නායිකා ෆාතිමා සනාටයි.

ඇය ලකුණු 30ක් රැස් කළා.

නිඩාර් ඩාර් ලකුණු 23යි.

ප්‍රතිවාදීන් දැඩිව අසරණ කරමින් නායිකා චමරි අතපත්තු, උදේශිකා ප්‍රබෝධිනී හා සුගන්ධිකා කුමාරි කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

කවීෂා දිල්හාරි එක් කඩුල්ලක් තම නම ඉදිරියෙන් පාකිස්තානයට එරෙහිව ලියා ගත්තා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී පාකිස්තාන කාන්තා කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 116ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට හඹා යෑමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 117ක් බවට පත් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57