වියට්නාමයේ සත්වෝද්‍යානවලට කුරුළු උණ

දකුණු වියට්නාමයේ සත්වෝද්‍යාන තුළ කුරුළු උණ රෝගයක් පැතිර යාමෙන් පසු කොටින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගෝස්තු මාසයේ සිට කොටි 47 ක් සමඟ සිංහයන් තිදෙනෙකු සහ පැන්තර් සත්වයෙකුද එම වෛරසයෙන් මිය ගොස් තිබුණා.

H5N1 වසංගතය Ho Chi Minh City අසල Vuon Xoai සත්වෝද්‍යානයට සහ අසල්වැසි Long An පළාතේ My Quynh සෆාරි උද්‍යානයටද මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සත්වෝද්‍යානයේ නිලධාරියෙකු රොයිටර් පුවත් ඒජන්සියට පවසා ඇත්තේ; ආසාදනයට ලක් වූ කුකුළන්ගේ මස් ආහාරයට ගැනීමෙන් පසු සතුන් රෝගාතුර වී ඇති බවයි.

වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ; මියගිය කොටින්ගෙන් ලබාගත් සාම්පල දෙකක් කුරුළු උණ වැළඳී ඇති බවට සාක්ෂි හමුවී ඇති බවයි.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය විසින් එම සත්වෝද්‍යානයෙන් අදහස් විමසීමක් කර ඇති අතර ඔවුන් එවිට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03