AFC Banner
Empty Ad
Empty Ad

වියට්නාමයේ සත්වෝද්‍යානවලට කුරුළු උණ

දකුණු වියට්නාමයේ සත්වෝද්‍යාන තුළ කුරුළු උණ රෝගයක් පැතිර යාමෙන් පසු කොටින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගෝස්තු මාසයේ සිට කොටි 47 ක් සමඟ සිංහයන් තිදෙනෙකු සහ පැන්තර් සත්වයෙකුද එම වෛරසයෙන් මිය ගොස් තිබුණා.

H5N1 වසංගතය Ho Chi Minh City අසල Vuon Xoai සත්වෝද්‍යානයට සහ අසල්වැසි Long An පළාතේ My Quynh සෆාරි උද්‍යානයටද මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සත්වෝද්‍යානයේ නිලධාරියෙකු රොයිටර් පුවත් ඒජන්සියට පවසා ඇත්තේ; ආසාදනයට ලක් වූ කුකුළන්ගේ මස් ආහාරයට ගැනීමෙන් පසු සතුන් රෝගාතුර වී ඇති බවයි.

වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ; මියගිය කොටින්ගෙන් ලබාගත් සාම්පල දෙකක් කුරුළු උණ වැළඳී ඇති බවට සාක්ෂි හමුවී ඇති බවයි.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය විසින් එම සත්වෝද්‍යානයෙන් අදහස් විමසීමක් කර ඇති අතර ඔවුන් එවිට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?