ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිමින් පහරදෙයි

ඊශ්‍රායලය මේ වනවිට (03) ලෙබනනය වෙත ගුවනින් අමතරව ගොඩබිමින් ද පහරදීම ආරම්භ කර තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායලය විසින් එහි පළමු ගොඩබිම් ප්‍රහාරය ලෙබනනයේ මධ්‍යම බීරූට් වෙත එල්ල කර ඇති බවයි.

මීට අමතරව ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ දෙහියේ (Dahiyeh) ප්‍රදේශය වෙත මිසයිල ප්‍රහාර තුනක් එල්ල කර ඇති අතර; මධ්‍යම බේරූට් හි ඉලක්ක කර එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ඇතුළුව මියගිය ගණන 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් සත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර තීව්‍ර කර ඇති අතර පාසල්වලට සහ අවතැන් කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද වාර්තා වනවා.

ගාසා තීරයේ, 2023 ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 41,689 ක් මියගොස් තවත් 96,625ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18